පානදුර නරගය ආසන්නයේ කාරයක මියගොස් සිටි පුද්ගලයා ප්‍රංශයේ හා ඉතාලියේ සිට වසර හතරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්ද්‍රජිත් ප්‍රදීප් දේවනාරයන (40) ලෙස ඔහුගේ මව ද සහෝදරයකු ද හඳුනාගත් බව පොලිසිය කියයි. ඔහුගේ බිරිය ඉතාලියේ සිට හෙට ලංකාවට පැමිණීමට නියමිත බව ද කියයි. ඔහුගේ නාහයෙන් ලේ ගැලීමක් දක්නට ඇති අතර කමිසයේ මඩ පාරක් ඇතැයි ද පොලිසිය පවසයි. රෑ කෑමට ගෙදර එන බව කියා පිට වී ගිය බව මවත් සහෝදරයාත් පොලිසියට පැවැසූහ. රාත්‍රී 7.30 සිට කාරය එතැන තිබූ බව අසල් වැසියන් පොලිසිය කියා ඇත.