වාද්දුවේ පොතුපිටියේ දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රිය හැපී එහි සිටි පස් දෙනාම මියගොස් ඇතැයි වාද්දුව පොලිසියි පවසයි.
මිය ගිය සියලු දෙනාම පිරිමින් බවත් ඔවුන් වස්කඩුවේ පදිංචි කරුවන් බවද කියති.
සිද්ධීයෙන් මිය ගොස් ඇත්තේ පියල් සිල්වා, බන්දුලාල් සිල්වා, කොල්විල් සිල්වා, සිසන්ත සිල්වා, දුමින්ද සිල්වා යන අයයි.
වාද්දුව පොතුපිටිය වෙරළේ ගෙදර යෑමට පැමිණි බව කියන මෙම පිරිස අතර ව්‍යාපාරිකයන් , ත්‍රී රෝද රථ රියදුරකු, මස්සිනාලා දෙන්නකු හා අධිකරණ සේවකයකු සිටින බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 40ට වැඩි බවත් ආරංචි මාර්ග කියයි.