කාරයක් රේල් බසයක ගැටෙයි


කැළණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් රේල් බසයක ගැටීමෙන් අද (20) සිදු වූ

අනතුරින් මෝටර් රථය සිටි දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

එම දුම්රිය ගේට්ටුවේ මුරකරුවෙකු සේවය කළද අනතුර සිදුවන අවස්ථාවේදී ගේට්ටුව වසා නොමැතිව තිබී ඇතැයි කියති.

කොස්ගම බලා ධාවනය කරමින් තිබූ රේල් බසයේ ගැටුණු මෝටර් රථය මීටර් 20 ක පමණ දුරක් ඇදී ගොස් ඇත.

ප්‍රදේශවාසීහු අලවංගු ආධාරයෙන් මෝටර් රථයේ දොරවල් කඩා එහි සිටි පිරිස බේරා හෝමාගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ. අනතුරින් අවට පදිංචි පිරිමියකු හා කතක තුවාල ලබා ඇත.

vlcsnap-2016-11-20-14h57m07s87 vlcsnap-2016-11-20-14h57m26s27 vlcsnap-2016-11-20-14h58m20s59 vlcsnap-2016-11-20-14h59m07s15