බොල්ගොඩ ගඟේ මඩපාත තුඩුව තොටුපළට වැටී තිබූ කාරයක හිමිකරු සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ.
හමුදා උත්සවයකට සහභාගීවීම සඳහා සාමාන්‍ය වැසියකුට නිකුත් කළ අවසර පත්‍රයක් කාරයේ අලවා තිබිණි. ගල් පහරකින් පිටුපස වීදුරුව කැඩී ඇති බවද පොලිසිය කියයි.
රුපියල් 1750 ක් ද රට සල්ලි හා ඒ.ටී.එම් ස්වයංක්‍රීය ටෙලර් කාඩ්ද තිබූ බව පොලිසිය පවසයි. අසල්වැසියන් පොලිසියට පවසා ඇත්තේ මේ කාරයේ සිටි පිරිස වෙනත් කාරයකට නැග යනු දුටු බවයි.







