කාරයක් පැදවු හිමිනම මහවදී අල්ලයි


මෝටර් රථයක්  පදවමින් සිටි   දොම්පේ හිමි නමක්  දළදාගමදී   අද (31) සවස  අත්අඩංගුවට ගත් බව මහව පොලීසිය කියයි.

 හිමිනම හැරෙන්නට එහි අන්  කිසිවකුත් නොසිටි බවත්  මොටර් රථයේ අදාළ  ලියවිලි  තිබු නමුත් හිමි නමට රිය  පැදවීමට  බලපත්‍රයක් නොතිබු බවත් පොලීසිය සදහන් කරයි

හිමි නම වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ  බවද ඔහු බීමත්ව සිටියේදැයි  තහවුරු කිරිමට එසේ කළේ යැයි පොලීසිය කියයි.

හිමිනම  මහව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

 ශ්‍රි ලංකාවේ භික්ෂුනට රියදුරු බලපත්‍ර දිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ඇත.