කාරය විදුලි කණුවේ හැපෙයි : තවත් කණු බස් දෙකකට වැටෙයි


බොරැල්ල ආයුර්වේද හන්දිය අසලදී අද (7) දහවල් මෝටර් රථයක් පාර මැද ඇති විදුලි කණුවක ගැටීමෙන් එහි වයර්වල පැටලී තවත් කණු දෙකක හැපී එම කණු පාරේ ධාවනය වූ බස් රථ දෙකක් මත වැටී ඇතැයි පොලිසිය කියයි.

ඒ හේතුවෙන් වාහන තදබදයක්ද ඇතිවූ අතර මෝටර් රථයේ රියදුරු කම්පනය හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.