කාම්බෝජ අගමැති හුන් සෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක සිදුකිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි කාම්බෝජියා අගමැති කාර්යාලය නිවේදනය කරයි.
එරට අගමැති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේ අගමැති සෙන් හා පාකිස්තාන සෙනට් සභාපති මියන් රාසා රබ්බානි සමග පැවැති සාකච්ඡාවලින් පසු එම තීරණය ගත් බවයි.
කාම්බෝජියාවේ ඇති වැදගත් රාජකාරී රැසක් සම්පූර්ණ කිරීමට තිබීම හේතුවෙන් සිය නිල සංචාරය අත්හිටවූ බවත් කාම්බෝජයේ මැතිවරණ කිහිපයක්ම පැවැත්වෙන එළැඹෙන වසර කාර්යබහුල බවත් අගමැතිවරයා කියා ඇත.
කාම්බෝජ අගමැතිවරයා ශ්‍රී ලංකාවට අමතරව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සංචාරය කිරීමට සැලසුම් කැර තිබිණි.