‘මොණරාගල දිස්ත්‍රික්කයේ දුප්පත්කමේ ප්‍රතිශතය වසර පහකට පසු අද සියයට 20.8ක් වෙලා. දැන් ඇවිත් වැසිකිළි පෝච්චි බෙදනවා, උදලු තල බෙදනවා, බකට් බෙදනවා. ඇයි වැසිකිළි පොච්චි බෙදන්නේ? මෙහේ ජනතාවට කක්කුස්සි පොච්චි නැති නිසා. ඇයි උදලු තල බෙදන්නේ? මෙහේ ජනතාවට උදලු තල නැති නිසා. ඒ කිය්නනේ මොණරාගල දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවට උදලු තලයක් ගන්න, කක්කුස්සි පෝචිචියක් ගන්න වත්කමක් නෑ. ඒ තරමට අපි දුප්පත්. දුප්පත්කම සංකේතවත් කරන්න තමයි මේවා බෙදන්නේ.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා බිබිල මැදගම පැවැති ජනහමුවක දී කීවේය.
‘යුද්දෙ තියෙන කාලේ සීනි කිලෝ එක කීයද? අම්මලාට මතක ඇති රුපියල් 42යි. දැන් කීයද? 122යි. වෙනම සීනි ඇමැති කෙනෙකුත් ඉන්නවා. හරිනම් වෙන්න ඕනෑ සීනි කිලෝ එක රුපියල් 20ට විතර අඩු වෙන්නයි. හාල් රුපියල් 85යි. බස් ගාස්තු වැඩියි. ලයිට් බිල් වැඩියි. ජීවත් වෙන්න බැහැ. ජීවන වියදම ඉහළයි. අපේ ජීවිත අපේ ශරීර ඇවිදින ඇටසැකිලි වෙලා. හෙට අනිද්දා බලා ගන්න පුළුවන් අර කාපට් පාරේ ඇවිදින ඇටසැකිලි. ණය අරගෙන කාපට් පාරවල් හදලා ඒවට ගිනි පොළිය ගෙවනවා. ඉතින් බඩු මිල ඉහළ යන එක අහන්න දෙයක්ද? ‘

