කාපට් පාරේ ආයුෂ දින දහයයි


හගුරන්කෙත පොරමඩුල්ල බඹරගල දෙල්පත්කඩ මහා මාර්ගය කාපට් ඇතිරීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගිය 18 වනිදා විවෘත විය.

27 වැනිදා රාත්‍රී දෙපැයක් වැස්සේය. කාපට්ද සේදී ගියේය.කළු ගල් මතු විය. කාණු කැඩී ගියේය.අයින් සේදී ගියේය.

මහා මාර්ගයේ ගලා වැසි ජලය උතුරා ගොස් පොර මඩුල්ල ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද යට විය.