කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන නඩුවේ චූදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා අයිතිය උදෙසා කාන්තාවෝ සංවිධානය නිසින් නීතිපතිවරයා වෙත අද (05) විශේෂ සංදේශයක් බාර දුන්නේය .
අපරාධ රැල්ල හමුවේ මොවුන් නිදහස් කිරීමෙන් මතබේදාත්මක තත්ත්වයක් ද මතුවී ඇති හෙයින් කොටකෙතන කාන්තා නඩුවේ චූදිතයන් නිදහස් කිරීමට එරෙහිව වහා අභියචනයක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි තම සංවිධානය නීතිපතිවරයාට යොමු කළ සංදේශයෙන් විශේෂ අවධානයට ලක් කළ බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය එසැණට පැවසුවාය.





