(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බුද්ධික නවගමුව මහතා ඇතුළු ප්‍රධානීන්ගෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම කමිටුව ඉදිරි දිනවල යළි රැස්වීමට නියමිතය.
කමිටුව විසින් වින්දිත නිලධාරිනියගෙන් මීට පෙර දින දෙකක් ප්‍රකාශ සටහන් කර ගැනුණු අතර අද දිනයේද ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වින්දිත නිලධාරිනිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට කළ පැමිණිල්ලක් අනුව
මෙම බාහිර විමර්ශන කමිටුව ඉකුත්දා පත් කෙරිණ.
විමර්ශනය අවසන් කිරීමෙන් පසුව හිටපු විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් සිද්ධිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කතානායකවරයාට බාරදෙනු ලැබීමට නියමිතය.
කාන්තා හිංසන: මැතිසබේ අයිටී ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි
Recommended Articles