කාන්තා සමානාත්මතාවය පාර්ලිමේන්තුවෙන් ම පටන් ගමු


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශපාලනය ගැන අප්‍රසන්න තාවයක් ඇතිවී ඇති මොහොතක සෑම තැනකම කාන්තා නියෝජනය වැඩි කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කාන්තා සමානාත්මතාවය පාර්ලිමේන්තුවෙන් ම රටටත් ලෝකයටත් ලබාදෙමු යැයිද විපක්ෂ නායකවරයා කීය.

කාන්තා දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේ ලාංකික ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වයට ඇත්තේ සුලු තැනක් බවයි.