මීළඟ මැතිවරණවලදී පක්ෂ පාට නොබලා උගත් බුද්ධිමත් නියෝජිතයන් ජයග්‍රහණය කරවීමට කටයුතු කිරීම, කාන්තා නියෝජනය වැඩි කිරීම ආදී කරුණු ඔස්සේ රටේ බලපෑම් කළ හැකි සියලු පාර්ශවයන් එකතු කරගනිමින් රජයට බලපෑම් එල්ල කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.‘ යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා පවසයි.
‘මාර්තු 12‘ ව්‍යාපාරය සමග අත්වැල් බැඳගෙන නව මැතිවරණ ක්‍රමයක් ගොඩනගන්නට නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීමට එක්වන ලෙස මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා‘ යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා කොළඹ කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ අද (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

