ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිල සහ ලෝක ශූර එංගලන්ත පිල අතර පැවැති එක්දින තරගය හෙට (04) පෙරවරු 10.00 සිට සී. එස්. එන්. නාලිකාවෙන් විකාශය කිරීමට නියමිතය.
මුම්බායිහිදී පසුගිය 1 වැනිදා පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ප‍්‍රබල එංගලන්ත පිලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබූහ. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ එංගලන්ත පිලක් පරාජය කිරීමට සමත් වූ පලමු අවස්ථාව මෙයයි.