වැලිවේරියේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය කතෝලික සභාව අතිශයින් කම්පා වන බව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ කියති.
එම ගැටුමෙන් මියගිය ගම්පහ ශාන්ත පීතර විදුහලේ රවිනාශ් පෙරේරා සිසුවාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් කාදිනල් තුමෝ යාච්ඤා මෙහෙයක් ද පැවැත්වූහ.
බලය අතට ගනිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතය අවුල් කරමින් මර්දනකාරී ලෙස විරෝධතා දැක්වීම අපි අනුමත නොකරන්නෙමු. හැම ප්‍රශ්නයක්ම විසැඳීමේ නිවැරැදි ක්‍රමය සාමකාමී සාකච්ඡාවයි. සංවාදයයි. උද්ඝෝෂණය කළ නිරායුධ ගැමියන්ට පහර දීම අනුමත කළ නොහැකිය. සිද්ධියෙන් ජීවිත හානි වූවන් හා ඉන් පිඩාවට පත් පිරිස ප්‍රකෝපකාරී ලෙස උද්ඝෝෂණ කළ අය නොවෙති. වැලිවේරිය ශාන්ත අන්තෝනී දේවස්ථානයේ ආරක්ෂාව පැතූ මහජනයාට හමුදාවේ ඇතැම් පිරිස් විසින් සිදුකැරුණු ප්‍රහාරය නොපැකිලව හෙළා දකිමු.අවි දරමින් ප්‍රචණ්ඩකාරී ලෙස ශුද්ධවූ භූමියකට ඇතුළුවීම ආගම කෙළසීමකි. අහිංසක මිනිසුන් මරා දමමින් , දේවස්ථානයක පාරිශුද්ධියට පටහැනිව ක්‍රියාකළ සියලු දෙනාට එරෙහිව අපක්ෂපාත හා සාධාරණ පරීක්ෂණයක් පවත්වා නිලය හෝ තනතුර නොබලා වැරදිකරුවන්ට දඩුවම් කරන ලෙස අපි රජයෙන් තරයේ ඉල්ලා සිටිමු.අපේ උතුම් ආගම් වල විශ්වාසය අනුව පීඩාවට පත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනුයේ සාමකාමී ලෙස ඉවසීමෙන් ක්‍රියා කරන ලෙසයි.