(ටී. එල්. ජව්ෆර්කාන්)
කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද(31) සිට ඉදිරි දින 5 ක් දක්වා හුදකලා කර ඇති බව මඩකලපුව දිස්ත්‍රික්ක දිසාපති කේ කරුණාකරන් පැවසීය.
ඊයේ දවස පුරා මඩකලපුව නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයින් හා හිම්කරුවන්ට කරන ලද 549 රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් 26 දෙනකුට කොරෝනා ආසදනය වී ඇති බව සොයාගෙන ඇත. මෙයින් කාත්තන්කුඩි ප්‍රදේශයේ 23 දෙනකුට හා ආරයන්පති ප්‍රදේශයේ හා මඩකලපුව ප්‍රදේශයේ එක් අයෙකු බැගින් හදුනාගෙන ඇත.
තවද කාත්තාන්කුඩි ප්‍රදේශයේ විවිධ ස්ථානවල 665 දෙනකුට කල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් 27 දෙනකු හදුනාගෙන ඇත. ඒ අනුව මොවුන් සමග ඍජු සම්බන්ධතා ඇති පිරිස් හදුනාගෙන ඇති අතර, මෙනිසා මෙම ප්‍රදේශය හුදකලා කර ඇති බවට දිසාපතිවරයා පැවසීය.

