මහනුවර, කටුගස්තොට, නිත්තවෙල මංසන්ධියේ දී මාර්ගය අසල තිබූ කාණුවකට වැටී 2015 වසරේ ඔක්තෝබර් 15 වැනිදා මිය ගිය පාසල් සිසුවියගේ මව්පියෝ අද (13) මහනුවර මහ නගර සභාවෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළහ.
මාර්ගය අයිනේ ජලය ගලා යන කාණුව නිසි ලෙස ආවරණය කර නොතිබූ බව කියමින් ඔවුහු චෝදනා ගොනු කර ඇත.