ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන කරන් ජෝහර්ගේ අලුත්ම චිත්‍රපටය වන "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයේ ආරාධිත රංගනයක් සඳහා සම්බන්ධ වීමට සුපිරි බොලිවුඩ් සිනමා නිළි කාජල්ට අවස්ථාව ලැබී තිබෙන බව සඳහන් වෙයි.
ෆාරා ඛාන්ගේ "ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටයට පසුව කාජල් ආරාධිත රංගනයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඇයට අමතරය "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයේ සායිෆ් අලී ඛාන්ද කාජල් මෙන් ආරාධිත චරිතයකට එක්වන බවට තොරතුරු ලැබී තිබේ. කෙසේ වෙතත්, මෙහි ප්‍රධාන චරිත ලැබී ඇත්තේ අයිශ්වර්යා, රන්බීර් හා අනුෂ්කා ෂර්මාට බව සඳහන් වෙයි. මෙය ඔක්තෝබර් 28 වැනිදා තිරගත වීමට නියමිතව ඇත.


