කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වෙති


පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ ප්‍රථම මහෝපාද්‍යාය කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වූහ.

හලාවත අසළ කාකපල්ලියේ දී 1929 ජනවාරි 20 වැනිදා ඉපදුණු ඒ හිමියෝ හිරිපිය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූහ.

කාකපල්ලියේ ශ්‍රී දේවානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළු වූ ඒ හිමියෝ 1949 දී මල්වතු විහාරයෙන් උපසම්පදාව ලදහ.

විද්‍යාලංකාර පිරිවෙනේ ත්‍රිපිටක සංඝායනාවේ මුල් තැනක් ගෙන කටයුතු කළ ඒ හිමියෝ 1953 දී විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක්වූහ.

1969 දී මහාබ්‍රිතාන්‍යයේ ලැන්කැෂ්ටර් සරසවියේ බෞද්ධ සමාජ අධ්‍යයනය වෙනුවෙන් ආචාර්ය උපදාය දිනගත්හ.

බෞද්ධ අධ්‍යයනය පිළිබඳ 1992 දී බටහිර කැලිෆෝනියා සරසවියේ කථිකාචාර්ය වරයකු වූ ඒ හිමයෝ හොංකොං සරසවියේ මහාචාර්ය වරයෙක් ද වූහ.