ක්‍රෙඩිට් කාඞ් 23 දත්ත හොරු ගනී.


ලංකා බැංකුවෙන් ශ්‍රී ලාංකිකයන් 23 දෙනකුට නිකුත් කළ වීසා හා මාස්ටර් ක්‍රෙඩිට් කාඞ්වල දත්ත සොරාගෙන ව්‍යාජ කාඞ් හදා ඇමෙරිකාවේදී හා ඉන්දියාවේදී රුපියල් හාර ලක්ෂ අනූ දෙදහසක භාණ්ඩ මිලට ගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ අරඹා ඇතැයි රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැන්වීය.
දත්ත සොරාගත් පුද්ගලයන් ගැනත් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් හැදුඅය ගැනත් සොයන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.