ක්‍රීඩාවේ හැබෑ අරුත ග්‍රේරු කියයි


ජයග්‍රහණය පමණක් හඹා යන ක්‍රීඩාවකින් ක්‍රීඩාවේ නියම අරුත ඉටු නොවන බවත් පාසල් ක්‍රීඩා වැඩසටහන් හි  මූලික හරය  විය යුත්තේ  දුරුවන්ගේ විනය සහ සදාචාරාත්මක ගුණධර්ම සංවර්ධනය කිරීම  යැයි  අධ්‍යාපන නි‍යෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය

ඔහු මේ බව  පැවසුයේ කර සිටියේ ගල්කිස්ස උසස් බාලිකා  විද්‍යාලයේ පැවැති පිළියන්දල අධ්‍යාපන කළාපයේ ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

ලාල් ග්‍රේරු මහතා

‘ළමයෙකුගේ බුද්ධි වර්ධනය වගේම ශාරීරික වර්ධනයත් ඉතාම වැදගත්. ඒ වගේම ශාරීරික වර්ධනය සදහා ක්‍රීඩාව, ව්‍යායාම්  වගේම සමබල ආහාර වේලක් ද වැදගත්  බව නිතරම සිහි තබා ගත යුතුයි.

කෙතරම් ජනප්‍රිය ක්‍රීඩකයෙකු වුවත් ආචාරශීලීත්වය, මානුෂික ගුණධර්ම, සමාජ ගුණධර්ම ඔහු තුළ නොමැති නම් ඒ ජනප්‍රිය බවින් වැඩක් වෙන්නේ නැහැ.ඒ නිසා පාසල් ක්‍රීඩා උපදේශකයින් ගෙන් අපි බලපොරොත්තු වෙනවා ඒ යහපත් ඉලක්ක සදහා දරුවන් පුහුණු කරවිය කියලා.

ඒ වගේම  දරුවනුත් තම පාසල් කාලයෙන් පසුවත් තමා තුළ පවතින දක්ෂතාවන් තම නිරෝගී යහ පැවැත්ම වෙනුවෙන් පවත්වාගෙන යන්නත් , සුවිශේෂී දක්ෂතා සහිත දරුවන් රටේ ජයග්‍රහණයන් වෙනුවෙන් කැප වෙන්නත් අධිෂ්ඨාන කර ගත යුතුයැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.’