
(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩාවේ දූෂණය මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් හුසේන් අල්-මුසල්ලාම් මහතා හමුවේ පැවැසුවාය.
ක්‍රීඩාවේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම හමුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (8) පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රීඩා නීතියට අදාළව පවතින ගැටලු විසඳීමේදී අදාළ නීති රෙගුලාසි හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව පැහැදිලි කළේය.

