(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් සංවිධානය කළ ක්‍රීඩා සතියෙහි දෙවන දිනයේදී ප්‍රදර්ශනාත්මක තරඟ ඉසව් කිහිපයක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී නෙට්බෝල් (පැසිපන්දු) තරගය, වොලිබෝල් තරගය, රෝද සපත්තු ක්‍රීඩකයින්ගේ සංදර්ශනය, අංගම්පොර සංදර්ශනය සහ හොකී තරගය පැවැත්විය. මෙම අවස්ථා නැරඹීමට දෙස් විදෙස් බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.
ජයග්‍රහණය ලැබීමට පමණක් නොව යහපත් කායික, මානසික සෞඛ්‍යක් වෙනුවෙන් ක්‍රීඩාව ජනතාව අතරට ගෙන යමින් ක්‍රීඩා සංස්කෘතියක් සඳහා ජනතාව සහභාගී කර ගැනීම 'ක්‍රීඩා සතියෙහි' අරමුණ බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කීය.