(අංජුල මහික වීරරත්න)
සියලු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් රට පුරා පාසල් 500ක් තෝරාගෙන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අරඹමින් අද (01) පැවැසීය.
ඊළඟ වසර තුන හතර ඇතුලත මෙම ක්‍රීඩා මධ්‍යස්ථාන ආරම්භ කරන බව කී අග්‍රාමාත්‍යවරයා අවට පාසල්වලටද එම ක්‍රීඩා මධ්‍යස්ථානයට ගොස් පුහුණු වීම් කිරීමට ඉඩ කඩ සලසා දෙන බවද සඳහන් කළේය.
ජාත්‍යන්තර තරඟකරුවන් බිහි කිරීමේ පළමු පියවර ලෙස මෙම ක්‍රීඩා මධ්‍යස්ථාන අරඹන බවත් පාසලේ සිට ජාත්‍යන්තර රන් පදක්කම දක්වා යා හැකි මාර්ගය විවෘත කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණු ක්‍රීඩා උළෙල මෙම 5 වැනිදා දක්වා පැවැත්වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 34 වන පාසල් ක්‍රීඩා උළෙල නිළ වශයෙන් ඇරඹීමේ ප්‍රකාශය ඉදිරිපත් කළේය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි