ක්‍රීඩා පිටිය ඉල්ලා උද්ඝෝෂණයක්


මහර ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩා පිටිය කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවරාගෙන ඇතැයි කියමින් විද්‍යාලයීය සිසුන්ගේ දෙමාපියෝ කොළඹ - නුවර මාර්ගය අසල අද (6) පෙරවරුවේ උද්ඝෝෂණයක් ඇරඹූහ.

දාහකට ආසන්න පිරිසක් මාර්ගයේ එක් මංතීරුවක ධාවනයට අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙන අතර කඩවත දෙසට කිලෝ මීටර් 2 ක පමණ දුරට රථවාහන තදබදයක් ද ඇතිවී ඇතැයි පොලිසිය කියයි.