ක්‍රිකට් සභාපති පුටුව තිලංගට


කවුරුන් නිලවරණයට ඉදිරිපත් වි නිලතල ලැබුවත් තමන්ගේ රාජකාරිය නිසියාකාරව කළ යුතු බවත් ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙම නිලවරණයේදී ගත් තිරණ සම්බන්ධව ජනපති හා අගමැති හට ලිපියකින් දැනුම් දි ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධව සිදුවන්නේ කුමක්දැයි බලා සිටින බවත් වාරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසිය.

ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා පටිපාටිය පිළිබඳ තමන් සෑහිමකට පත් නොවන බවත් ඒ සම්බන්ධව තිරණයක් නොගන්නේ මන්දැයි ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ඇසිය යුතු බවත් රණතුංග මහතා කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණි. එහිදී සභාපති පුටුව සඳහා තිලංග සුමතිපාල මහතා තේරී පත්වූ අතර නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශවයෙන් උප සභාපති ධූරයට තරග කළ අර්ජුන රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 80ක් පමණි. ඒ අනුව උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස හා කේ.මතිවානන් යන මහත්වරු තේරී පත්වූහ. සභාපති ධූරයට තරග කළ තිලංග සුමතිපාල ඡන්ද 88 ක් ලබාගත් අතර නිශාන්ත රණතුංගට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 56 ක් පමණි.

thilanga_201513 thilanga_201513-2 thilanga_201513-3 thilanga_201513-4 thilanga_201513-5

 

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක

nishantha_)201613 nishantha_201613 nishantha_201613-2

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි