ක්‍රිකට් පුහුණුකරු විකට් කඩා ගනී


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයේ ක්‍රිකට් කණ්ඩායමේ සිසුවකු පුහුණුවට නොපැමිණි බව කියමින්  විෂය භාර ගුරුවරයා පහර දී ඇතැයි මව්පියෝ අද (23) පොලීසියට පැමිණිලි කළහ.

ඔහු බේරා ගැනීමට ගිය තවත් සිසුන් දෙදෙනකුට කොස්සෙන් ගසා ඇතැයි ද  කියති.

බයිසිකලයෙන් වැටි වළලුකරේ තිබු අබාධයක් නිසා තම පුතා පුහුණුවට නොගිය බව මව්පියන් පොලීසියට කළ පැමිණණිල්ලේ සඳහන්ය.

මේ ශිෂ්‍යයා කොට්ටාව ධර්මපාලයේ සිටියදී  ක්‍රිකට් ගැන දැක්වු දස්කම් නිසා පන්නිපිටිය ධර්පාලයට ඇතුළු කැරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

pan-1 pan-2h