(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වර්තමාන කි‍්‍රකට් පරිපාලනය හා එක්වීමට තමන්ගේ කිසිම අදහසක් හෝ සූදානමක් නැතැයි වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුයේ රණතුංග මහතා කි‍්‍රකට් පරිපාලනය හා එක්විය යුතු බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පළකළ අදහසක් ගැන මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“ කි‍්‍රකට් පරිපාලනයේ ඇගිලි ගැසීම් නිසා කළමනාකාරවරයාට නිසි ලෙස ඔහුගේ රාජකාරිය කරන්න බැහැ. අවුරුදු විස්සක් තිස්සේ මේ රටේ කි‍්‍රකට් කි‍්‍රඩාවට මොනවාද උනේ, මොන තරම් දේශපාලන මැදිහත්වීම් වුනාද, මොන තරම් හොරකම් කළාද, වැරදි පුද්ගලයෝ මොන තරමක් කි‍්‍රඩාවට ආවාද? ඒ බව කළමනාකරු දන්නේ නැහැ.ගුරුසිංහ මහතාට හරියට වැඩ කරන්න අද ඉන්න පරිපාලනය ඉඩ දෙන්නේ නැහැ. පරිපාලනයේ ඉන්න අය ඔවුන්ගේ මිත‍්‍රයින්ගේ දරුවන් සෙල්ලම් කරන්න දානවා. ඊයේ පෙරේදාත් එහෙම වුනා. මේ නිසා කි‍්‍රකට් පාලක මණ්ඩලය අපකීර්තියට පත් වෙලා.“යැයි ඒ මහතා පවසයි.

