ක්‍රිකට් තරගෙට දිසාපති - හිටපු සභාපතිවරු ගැටෙති


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර දිසාපති අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට විරෝධය දක්වමින්  බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු දෙදෙනෙක් විරෝධය දැක් වූහ.

මීට පෙර ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම ක්‍රීඩාංගනයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟ නොපැවැත්වීය ඊට හේතුව වුයේ ඒ සැහැල්ලු පන්දු තරගාවලි තුලින් ක්‍රීඩාංගනයට හානි සිදුවන බව කියමිනි. 

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 14 කණ්ඩායම් දාහතරක් අද තරග වැදීමට නියමිතය.  හිටපු සභාපතිවරයා ඇතුළු කිහිප දෙනෙක් ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට පැමිණ සිය විරෝධය පළ කළහ.

මේ පිළිබඳ කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

මෙය කාගෙවත් පෞද්ගලික බූදලයක් නොවේ. ක්‍රීඩාවට කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ හොඳම ක්‍රීඩාංගනය,

කාගේවත් විරුද්ධතාවයක් අපට ප්‍රශ්නයක් නැහැ මේ රජයේ ක්‍රීඩාංගනයක්.