ක්‍රිකට් කිරුළ කැන්ගරුවන්ට


ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සත්කාරකත්වය දැරූ 11 වැනි ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශූරතාවය නවසීලන්තය කඩුළු 7 කින් පැරදූ ඕස්ට්‍රේලියාව දිනා ගත්තේය. ඕසට්‍රේලියාව ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ 5 වැනි වතාවටය.

මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 45 කදී ලකුණු 183 කට දැවීගිය අතර ජයග්‍රාහි ලකුණු 184 ක ඉලක්කය පන්දුවාර 33 එක් පන්දුවකදී ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවට මෙම තරඟාවලියේ අර්ධ අවසන් වටයෙන් ඉවත් වීමට සිදුවිය. ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටු බලධාරීන් ඇතුළු නිලධාරීහු නොයෙක් හේතු දක්වමින් දොස් පවරාගනිති.

ශ්‍රී ලංකාවට 1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකර දුන් කැප්ටන් කූල් හෙවත් අර්ජුන රණතුංග වත්මන් නියෝජ්‍ය ඇමැති පැවසුවේ ලංකාවේ පරාජයට තේරීම් කමිටුව මුළුමනින්ම වාගේ වගකිව යුතු බවයි. ශ්‍රී ලංකාවට ඇති එකම සැනසුම වූයේ ලෝක කුසලාන අවසන් තරඟයේ තරඟ තීරක වශයෙන් රන්ජන් මඩුගල්ලේ හා පිටියේ විනිසුරු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමයි.

Untitled-1

11 123 

209813

209817 209819

ඡායාරූප - ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අනුග්‍රහයෙනි