බණ්ඩාරගම පිළියන්දල පාරේ ගම්මන්පිල වැවේ දියනෑමට ගිය කණ්ඩායමක 18 හැවිරිදි තරුණයකු වැවේ එරී මිය ගිය බව පොලීසිය කියයි.
ඔහු පානදුර රාජකීය විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකි.
මිතුරන් සමග බාබර් සාප්පුවකින් කොණ්ඩය කැපූ ඔහු හිස සේදීමට පහත් වෙද්දී වැවට වැටී ඇත.