ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයෝ අගමැති හමුවෙති


ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම යනු ලෝකයේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කිරීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (20) පැවසීය.

2019 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ජාතික කණ්ඩායම මෙහෙයවීම ජාතික ප්‍රමුඛ අරමුණක් බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා ජය මෙන්ම පරාජයේ අවසන් ඉලක්කය විය යුත්තේ ජයග්‍රහණයේ කිරුළ ලබාගෙන ශ්‍රි ලංකාවට කීර්තිය ලබාදීම බව සඳහන් කළේය.

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහ පාසල් ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩකයින් සඳහා සුභ පැතීමේ අරමුණින් අරලියගහ මන්දිරයේ පැවැති තේ පැන් සංග්‍රහය අවස්ථාවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

DSC_3529 DSC_3544 DSC_3576 DSC_3581 DSC_3674 DSC_3856 DSC_3890