ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හෙට (23) පැවැත්වෙන පස්වැනි සහ අවසන් ඒක්දින තරගයට ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ගේ සහභාගිත්වය සැක සහිත තත්ත්වයක තිබේ. ක්ලාක් නැවතත් වළලූකර ආබාධයට ලක්ව සිටීම නිසා ප‍්‍රතිකාර ලබමින් පසුවන අතර ජෝජ් බේලි මෙම තරගයේදී ද නායකයා ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටී.

