
(රේඛා තරංගනී ෆොන්සේකා)
මෙරටුව එගොඩ උයනේ වසා දමා ඇති කර්මාන්ත ශාලා භූමියක ගාල් කර තිබූ ක්න්ටේනර් රථයක රෝද 11ක් සහ තවත් උපාංග රැසක් සොරාගත් බව කියන සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය කියයි.
පැහැරගත් එම රෝද බසයකට සහ ලොරි රථයකට සවිකර තිබියදී එම බස් රථය සහ ලොරිය කොට උඩ තබා රැගෙන ආ බව පොලිසිය පවසයි.
ක්න්ටේනරයේ ට්‍රේලරය කොට උඩ තබා එහි තිබූ රෝද ගලවා ගෙන ගොස් තිබූ අතර වසා දැමූ කර්මාන්ත ශාලාවේ තිබූ කොම්පෂර් යන්ත්‍රයක් , මෝටර් තුනක් ඇතුළු ලක්ෂ 15කට අධික වටිනාකමක් ඇති තවත් උපකරණ ද පැහැගෙන ගොස් තිබුණි.
ලී බඩුවලින් විවිධ භාණ්ඩ නිපදවා අපනයනය කරන කර්මාන්ත ශාලාවකට අයත් දෑ මෙසේ වරින්වර පැහැරගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි. මෙම කර්මාන්ත ශාලාව 2020 වර්ෂයේ සිට වසා දමා ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අතර වරෙන්තු කරුවන්ද සිටින බව පොලිසිය පවසයි.

