කළුවර ලී වල් කරපිංචා කරන්න බැරිවෙයි


වල් කරපිංචා බව කියමින් කළුවර ලී කැබලී කිලෝ 100ක් මට්ටක්කුලියේ ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය  සිවු දෙනෙක් රඹෑවේදි සහ පණ්ඩුකාභයපුරදි අද (5) මිහින්තලේ  පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. කිලෝවක් රුපියල් 300ක බැගින් අලෙවි කිරීමට සූදානම් කර තිබුණු බව පොලිසිය කියයි.

වල්ලාපට්ටා කිලෝ 15ක් විකිනීමට ගිය සැකකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.