පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට රජය උත්සා ගනිතියි පවසමින් උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු අද (28) සභා රැස්වීමේදී කළු පටි පැළද විරෝධය පෑම හේතුවෙන් සභා කටයුතු විනාඩි දහයකට කල් තැබිණි.
පෙරවරු දහයට පළාත් සභාව රැස් විය. විපක්ෂයේ මන්ත්‍රීවරු වාඩි වී සිටි අසුන් වලින් නැගිට සභාව මැද වාඩී වී කෑ කෝ ගසමින් විරෝධය පෑහ. සභාවේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකී වීය. සභාපති බී එම් ආර් සිරිපාල මහතා සභාව කල් තැබීය.