ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් උපයෝගී කර ගෙන කළුතර කටුකුරුන්දේ ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍රයෙන් වංචනික ලෙස මුදල් ගත් යුක්රේන ජාතිකයන් නැවතී සිටි උතුරු කළුතර හෝටල කාමරයේ තිබී තවත් හොර ක්‍රෙඩ්ට් කාඩ් 91ක් ද රුපියල් ලක්ෂ 30ක් පමණ සොයාගත් බව පොලිසිය කියයි. මේ වනවිට හොර ක්‍රෙඩ්ට් කාඩ් 105ක් ද ක්‍රෙඩිට් කාඩ් නිෂ්පාදනය කරන යන්ත්‍රයක්ද පොලිස් බාරයට ගෙන ඇති අතරව වැඩි දුර පරීක්ෂණ සඳහා සැකකරුවන් රහස් පොලිසියට බාර දී ඇත.