කළුතර ළමා නිවාසයේ දරුවන් නෙරපීම නවතී


කළුතර ප්‍රින්සස් ග්‍රේස් අනාථ ළමා නිවාසයේ සිටින වයස අවුරුදු 18කට වැඩි අනාථ ළමයින් නෙරපා දම ලෙසට කළුතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති නියෝගය වහාම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය නිකුත් කළේ එම ළමා නිවාසයේ වාසය කරන ළමුන් දෙදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.