(ඉන්දිකා රාමනායක)
කළුතර නගරයේ ලැගුම් හලකට ගොස් සිටියදී එහි පස්වන මහලින් වැටී 16 හැවිරිදි පාසල් දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන්ගෙන් සිව්දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවල කළුතර බන්ධනාගාරයට ගොස් සිද්ධියට අදාල ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
කළුතර මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මියගේ විශේෂ අවසර මත මෙම ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මියගිය පාසල් සිසුවිය හෝටලයට කැඳවාගෙන ආ යෙහෙළිය ඇගේ පෙම්වතා බව කියන තරුණයාගෙන්, ප්‍රධාන සැකකරුගේ මිතුරකු වන කවිදු අංජන නැමැති අයගෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
මොවුන් සිව්දෙනාට අමතරව දැනට ඇප මත මුදාහැර සිටින එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිණියගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

