කළුතර සබේ අලි මන්ත්‍රී කකුල කටේ දමා ගනී


 ‘කාලකන්නි පත්තරකාරයන්ට නගර සභා රැස්වීමට එන්න දෙන්න එපා‘ යැයි කළුතර එජාප නාගරික මන්ත්‍රී වසන්ත ඩයස් මහතා නගර සභා රැස්වීමේ දී පැවසීය.

රුපියල් විසි ලක්ෂයක මහජන මුදලින් කළුතර නගර සභා මන්ත්‍රීන් තායිලන්තයේ සංචාරය කරන බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇතැයි ද, පත්තරකාරයන් බොරු ලියතියි ද වසන්ත ඩයස් මහතා කීවේය.

ඔහු මාධ්‍යවේදීන් ඇමතුවේ ‘ඕකුන්‘ හා ‘ඌ‘යනුවෙනි.

‘ඔය මාධ්‍යවේදීන් ජීවත් වෙන්නේ බොරු ලියලා. වැදගත් දෙයක් ලියන්නේ නෑ. ‘

‘ඕකුන්‘ හා ‘ඌ‘ යන වචන ඉල්ලා අස් කර ගන්නැයි සන්ධාන මන්ත්‍රී නලීන් මහේෂ් පෙරේරා මහතා කීවේය.

ඒත් ඔහු ඒ වචන ඉල්ලා අස් කර ගත්තේ නැත.