
(අංජුල මහික වීරරත්න)
ගංවතුර බැස යාම යාමට පහසු වන පරිදි කළුතර මෝය කට අද (29) සුද්ද කෙරිණි.
අයහපත් කාලගුණය සමග කළු ගඟේ ජල ධාරිතාව අධික ලෙස ඉහළ ගිය බැවින් ජලය බැස යාමට පහසු වන පරිදි සහ එහි වැලි පරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි කළුගං මෝය කට සුද්ද කර තිබේ.
වෙරළ සංරක්ෂණ අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව ජලය බැස යාමට කඩිනම් කිරීම සඳහා වැලි පරය අසල රොන්මඩ ඉවත් කිරීම මෙහිදී සිදුකෙරිණ .

