කළුතර බෝධියෙන් සඟරුවනට ප්‍රාචීන ශිෂ්‍යත්ව


කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර හා ගාල්ලේ ප්‍රාචීන විභාගයට ඉගෙන ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 108 නමකට ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේය.  

බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා හා ලේකම් තිලක් ද සොයිසා මහත්වරු මේ පින්කම සංවිධානය කළහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි,ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති දොඩම්පහල චන්ද්‍රසිරි නා හිමි, හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඤානිස්සර නාහිමි, මාදුළුවාවේ සෝභිත හිමියෝද වැඩම කළ සංඝරත්නය අතර වූහ.

]