කළුතර බෝධියෙන් මහ පිංකමක්


කළුතර බෝධි බාරකාර මණ්ඩලය දානපතියන්ගේ ද දායකත්වයෙන් කළුතර හා ගාලු දිසාවේ පිරිවෙන්හි ප්‍රාචීන විභාගය සඳහා බෞද්ධ සංස්කෘතිය, අභිධර්මය, පාලි හා සංස්කෘත වැනි විෂයන් හදාරණ භික්ෂූන් වහන්සේට ශිෂ්‍යාධාර පිරි නැමීමට යයි.

බෝධි භාරකාර සංගමයේ සභාපති අජිත ද සොයිසා මහතා පවසනුයේ එම උත්සවය ලබන 18 වැනිදා පස්වරු 2.00ට බෝධි භාරකාර මණ්ඩලයේ ධර්ම ශාලාවේදී ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවයි.

ශිෂ්‍යාධාර ලබන භික්ෂූන්වහන්සේ 125 නමක් තලව්ව රථගාලේ සිට පෙරහරින් වැඩම කරවීමට නියමිතය.

භික්ෂූන් වහන්සේගේ ප්‍රාචීන භාෂා හා බුද්ධ ධර්මය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ මෙවැනි වැඩ පිළිවෙළක් මීට පෙර අරඹා ඇති  බවක් නොදන්නේයැයි සභාපතිවරයා කියයි.

බුද්ධ ශාසසනයේ චිරස්තිතිය සඳහා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බෞද්ධයන් හා බෞද්ධ සංවිධාන පෙළඹෙනු ඇතැයි ද සභාපති ප්‍රාර්ථනා කරයි.