කළුතර දිස්ත්‍රික්කයේ ජල පාරිභෝගිකයන්ට මුහුදු ජලය මුසු පානීය ජලය පාවිච්චි කිරීමට සිදුව ඇති බැවින් ඊට නියමිත ජල ගාස්තුව අඩු කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රාවුෆ් හකීම් මහතාගෙන් ඉල්ලා සිටී.
ජල පාරිභෝගිකයන් 62 000 ක් පමණ ද වක්‍ර ජල පාරිභෝගිකයන් ලක්ෂයකට ද අධිකව මෙයින් පීඩාවට පත්ව ඇතැයි එහි සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් යොමුකරමින් ඇමැතිවරයාට පවසා සිටී.