කළුතරදී බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථවලට ප්‍රහාඑ එල්ල කර සමයන් ඇතුළු 7 දෙනකු ඝාතනයට සම්බන්ධ සැකකරුවකු සෙල්ලකතරගම දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරමටද මොහු සම්බන්ධ බවත් සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවී සිටියදී මොහු සොයාගනු ලැබූ බවත් පොලිසිය පවසයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ නියෝගයක් මත ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.
අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ යෙදුණු පුද්ගලයකු හා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට ආරක්ෂාව සැලසූ ගාල්ලේ කාන්තාවක් මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

