
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන පහක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අයත් ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විට සහ මාකලන්දාව යන ගම්මාන මෙලෙස හුදකලා කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

