කළුතර දැරියගේ සිද්ධියට ලැගුම්හල් හිමිකරුගේ බිරිය අල්ලයි


(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී  16 හැව්රිදි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අද පස්වරුවේ එම ලැගුම්හලේ හිමිකරුගේ බිරිය අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරිය ලැගුම්ගෙන සිටී කළුතර ගාලු පාරේ පිහිටි සිසිලියන් වෝක් ලැගුම්හල පවත්වාගෙන යන හිමිකරුගේ බිරිද බව පොලිසිය කීය.

ඇය එදින ලැගුම්හලේ පිළිගැනීමේ නිළධාරීනිය ලෙස කටයුතු කර ඇති අතර ,කළුතර ,කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැව්රිදි කාන්තාවක බවද සදහන් වේ.

ඇය වෙනත් වැඩිහිටි තරුණියකගේ හැදුනුම්පතක් ලබාගෙන මියගොස් ඇති පාසල් සිසුවිය ලැගුම්හලේ නවාතැන් ලබාදී ඇති බව සදහන් වේ.

ජාතික හැදුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරුව කරගැනීමක් සිදු නොකර බාලවස්කාර දැරියකට ලිංගික ප්‍රයෝජන ලබා ගැනීම සදහා පරිශ්‍රය ලබාදීමේ වරදට සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .