කළුතර ගෙවල් 300කට හානි


සැඩ සුළඟෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගෙවල් 12ක් විනාශ වී ගෙවල් 292කට අර්ධ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.

ධීවරයන් දෙදෙනකු මිය ගොස් අට දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.

විපතට පත්වූවන්ට සහන සැලසීමට ග්‍රාම නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා කියයි.