කළුතර එස්.පී හිටි ගමන් මාරු කරයි


කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරු කැර ඇතැයි පොලිසිය කියයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා කළුතර කොට්ඨාස භාරව පත්කරනු ලැබ සිටී.

අලුත්ගම කලබල සමයේ කළුතර කොට්ඨාසය භාරව කටයුතු කළේ රොෂාන් සිල්වා මහතායි.