කළුතර අලුත්ගම නව දුම්රිය මඟක්


කළුතර සිට අලූත්ගම දක්වා දිවෙන නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අරඹා ඇත.

මේ සදහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 30 කි.කිලෝමීටර 8 ක් දිගින් යුතු වන නව මාර්ගයේ මුල් අදියරේ ඉදිකිරීම්  2014 වසරේ මැද භාගයේදී පමණ නිමකිරීමට නියමිතය.

නව දුම්රිය මඟ ඉදිකිරීමේන් දැනට කළුතර සිට අලුත්ගම දක්වා තනි මාර්ගයකට සීමාවී ඇති දුම්රිය ගමනාගමනයන් වඩාත් කාර්යක්ෂමව සිදුකළ හැකිවේයැයි අපේක්ෂා කෙරේ.